තල් සංවර්ධන මණ්ඩලය ගැන (ත.ස.ම)
මුලින් වැවිලි අමාත්‍යාංශය යටතේ පැවති තල් සංවර්ධන මණ්ඩලය තල් වතුයාය සම්බන්ධයෙන් වූ කාර්යයන් ඉටු කරනු පිණිස 1971 අංක 46 දරන ශ්‍රී ලංකා පොල් සංවර්ධන පනත 1975 අංක 24 දරන පනත මගින් කරන ලද සංශෝධනය ප්‍රකාරව 1978 අගෝස්තු 18 දින ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනය මගින් සංස්ථාපනය කරන ලදී. පසුව තල් සංවර්ධන මණ්ඩලය 2010 ගැසට් නිවේදනය මගින් සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතට පත් කරන ලදී. 2015 ජනවාරි 8 දින සිට තල් සංවර්ධන මණ්ඩලය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත පවරන ලදී.
තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන ක්‍රියාකාරකම් වන්නේ තල් වගාවන් යථා තත්ත්වයට පත් කිරීම, දැනට ඇති ආදර්ශ ගොවිපලවල් නවීකරණය කිරීම හා දියුණු කිරීම, හස්ත කර්මාන්ත පුහුණු වැඩසටහන් මෙහෙයවීම, විවිධ තල් භාණ්ඩ නිපදවීම, තල් නිපැයුම් ප්‍රවර්ධනය කිරීම, ආහාර නිෂ්පාදන හා වෙනත් නිෂ්පාදන සංවර්ධනය කිරීම ආශ්‍රිතව පර්යේෂණ පැවැත්වීම සහ කට්පහම් අලෙවි සල් පවත්වා ගෙන යාමයි.
අපගේ දැක්ම
ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා ජවයෙන් යුතු ක්ෂේත්රයක් වශයෙන් තල් අංශය සංවර්ධනය කිරීම.
අපගේ මෙහෙවර
දේශයේ දළ දේශීය නිෂ්පාදිතය වෙත සුවිශේෂී දායකයකු වනු පිණිස තිරසාර තල් කර්මාන්තය සංවර්ධනය කිරීම, ප්‍රවර්ධනය කිරීම, ජනප්‍රිය කරවීම හා නියාමනය කිරීම.
මණ්ඩලයේ හිටපු සභාපතිවරුන්

පළමු සභාපතිවරයා
අභාවප්රප්ත කේ.සී. නිතන්තන්ත මහතා
(1970-1978)
තල් අළුත් උපයෝගිතා කෙටියෙන්
